131 වැනි දහම් පාසල් ජාතික දිනය වෙනුවෙන් කැබිතිගොල්ලෑව මහා විද්‍යාලයේදී පෙරේදා (02දා) පවත්වන ලද දහම් පාසල් නාට්‍ය තරගය සහ ජාතික උත්සවයේ අරමුණ ඉතා අගය කළ යුත්තක් වුවද, එහිදී ප්රදානය කරන ලද සම්මානවල ස්වරූපය හේතුවෙන් මේ වන විට දෙමව්පියන් ඇතුළු රැස්ව සිටි පිරිස් අතර දැඩි විරෝධයක් මතුව තිබේ.සංස්කෘතික හා ආගමික පසුබිමට කිසිසේත්ම නොගැළපෙන සම්මාන බෙදාදීම හුදෙක් අත්වැරැද්දක් පමණක් ද, නැතහොත් වගකීම් විරහිත පිරිසක් විසින් රජය සහ පාලන තන්ත්රය හෑල්ලු කිරීමේ අරමුණින් සැලසුම්සහගතව සිදු කරන ලද ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් දෙමව්පියෝ ප්‍රශ්න කර සිටიති.පාසල් නාට්‍ය තරගයකදී හෝ කිසිදු අයුරකින් භාවිත නොකරන ආකාරයේ, තනපට පෙන්නුම් කරන වයලීන වාදක අනුරුවක් සහිත පිළිම මෝස්තරයක් මෙම දහම් පාසල් සම්මානය සඳහා යොදා ගෙන තිබීම ගැන දෙමාපියෝ මෙසේ අප්‍රසාදය පළ කරති.බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බලධාරීන්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු අදාළ අංශ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දෙමාපියෝ පෙන්වා දුන්හ.














