ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වසරේ දින 365 පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රධාන පියවරක් ලෙස, මෙතෙක් සංචාරක කර්මාන්තය සඳහා නිසි ලෙස භාවිතයට නොගත් ආරුගම්බේ ‘එලිෆන්ට් රොක්’ (Elephant Rock) පරිශ්‍රය සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ (03) දින ක්‍රියාත්මක විය.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, අම්පාර දිස්ත්‍රික් නායකත්වය සපයන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සක්‍රීයව එක්ව සිටියහ.ආරුගම්බේ ප්‍රදේශය වසරේ එක් නිශ්චිත කාලසීමාවකදී පමණක් එනම් සර්ෆින් (Surfing) ක්‍රීඩා සමයේදී පමණක් ක්‍රියාත්මක වන ස්ථානයක් බවට පත් නොකර, දින 365ම ආවරණය වන පරිදි සමස්ත නැගෙනහිර පළාත පුරා විසිරී පවතින නව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. එසේම මෙතෙක් ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිව ප්‍රදේශවාසීන් විසින් පවත්වාගෙන යනු ලබන සංචාරක කටයුතු නංවාලීම සඳහා මාර්ග, විදුලිය, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු මූලික අවශ්‍යතා කඩිනමින් සපයා දීමටද මෙහිදී තීරණය කෙරිණි.දේශීය කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සහ ග්‍රාමීය ආයෝජකයින් මෙන්ම, ජාත්‍යන්තර මට්ටමේ විශාල හෝටල් සමාගම් ද මෙම සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කරගනිමින් නැගෙනහිර පළාතේ සංචාරක විභවය උපරිමයෙන් රටේ ආර්ථිකයට දායක කරගැනීමට රජය අපේක්ෂා කරයි. මෙමඟින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා රාශියක් ද උදාවනු ඇත.නැගෙනහිර සංචාරක කර්මාන්තය නංවාලීමට ගෙන ඇති මෙම නවීන පියවර ගැන ඔබේ අදහස කුමක්ද? පහළින් කමෙන්ට් කරන්න!













