උහන වෑරං කැටගොඩ හංදියේදී ගොවි සංවිධාන 19ක ගොවීහු වී මිලදී ගැනීමට ගබඩා විවෘත කරන ලෙස සහ වී සඳහා ඉහළ මිලක් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වූහ.උහන 28 කොළණිය ගබඩාව මේ වන තෙක් විවෘත කර නොමැති අතර, එහි තවමත් පසුගිය කන්නයේ වී පිරී ඇති බවත් ඒවා ඉවත් කර වත්මන් අස්වැන්න මිලදී ගන්නා ලෙසත් ගොවීහු පෙන්වා දෙති. රජය නියම කර ඇති වී මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් වී කිලෝවක මිල තවදුරටත් වැඩි කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ නිරත වූ ගොවීහු කියා සිටියහ.














