කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය යළිත් වරක් සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. පසුගිය මාසයේදී පමණක් සිදුවූ දීපව්‍යාප්ත විදුලි බිඳවැටීම් තුනකින් පසු, එරටින් වාර්තා වන විශාලතම සහ බරපතළම විදුලි විසන්ධි වීම මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.දශක ගණනාවක පටන් ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි සම්බාධකවලට ලක්ව ඇති කියුබාවේ යටිතල පහසුකම් ක්‍රමයෙන් අඩපණ වීම මෙම අඛණ්ඩ විදුලි බිඳවැටීම්වලට ප්‍රධාන හේතුවක් වී තිබේ. කියුබාවේ රාජ්‍ය විදුලි උපයෝගිතා සමාගම නිවේදනය කළේ ජාතික විදුලිබල පද්ධතිය ‘සම්පූර්ණයෙන්ම විසන්ධි වී’ ඇති බවයි. මෙම හදිසි තත්ත්වය හේතුවෙන් අගනුවර වන හවානා නගරය ද ඇතුළුව සමස්ත කියුබාවේ මිලියන 10කට ආසන්න ජනගහනයක් මේ වන විට දැඩි අපහසුතාවන්ට සහ අඳුරට මුහුණ දී සිටියි.














