මන්නාරම පොලිස් වසමේ තල්පාඩු ප්‍රදේශයේදී මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 09යි ග්‍රෑම් 400ක් සමඟ සැකකරුවෙකු 2026 අගෝස්තු 03 දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 33ක් වන තල්පාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මන්නාරම පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














