නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අද (04) දින කැඳවීමට නියමිතව තිබූ සියලුම නඩු ලක්ෂණ මත ලබන 11 වැනි දින කැඳවීමට එම අධිකරණවල මහේස්ත්‍රාත්වරුන් පියවර ගෙන තිබේ.පවතින අයහපත් කාලගුණයත් සමඟ අධිකරණයේ කාර්ය මණ්ඩලයට, නඩු සඳහා පෙනී සිටින පොලිස් නිලධාරීන්ට සහ අදාළ පාර්ශ්වයන්ට පැමිණීමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා නීතිඥයන් කළ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇත.














