අද (05) අලුයම කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පළේ නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයක් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි පොලිසිය පවසයි.
අලුයම 2.30ත් 2.45ත් අතර කාලය තුළ මෝටර් රථයකින් හෝ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් මෙම අපරාධය සිදු කර පලා ගොස් ඇති අතර, අධිවේගී මාර්ගය හරහා කඩුවෙල – මාතර අතර ධාවනය වන මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත. අසල නවතා තිබූ තවත් බස් රථ දෙකකට ද සුළු හානි සිදුව ඇති අතර, සිදුවන අවස්ථාවේ බස් රථය තුළ නිදා සිටි රියදුරු සහ කොන්දොස්තරවරයා තවත් බස් රථයක සේවකයින්ගේ දැනුම්දීම මත කිසිදු අනතුරක් නොමැතිව බේරී ඇත. පුද්ගලික ආරවුලක් මත මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඩුවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















