ඉරානය සමඟ මාස පහක කාලයක් පුරා පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ එක්සත් ජනපද හමුදාවේ අත්‍යවශ්‍ය අවි ආයුධ තොග සැලකිය යුතු ලෙස ක්ෂය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම හමුදාව සතුව තිබූ ඉතා නිවැරදි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර මිසයිල තොගය මේ වන විට දැඩි ලෙස අඩුවී තිබීම හේතුවෙන් අනාගත ආරක්ෂක කටයුතු පිළිබඳව දැඩි කනස්සල්ලක් මතු වී ඇත. මෙම යුධෝපකරණ හිඟයට ප්‍රධාන වශයෙන් මුහුණ දී ඇත්තේ හමුදාවේ තීරණාත්මක මෙහෙයුම් සඳහා භාවිත කළ මතුපිට සිට මතුපිටට විදින අවිවලිනි.
මෙම තත්ත්වය හමුවේ ඉදිරි ආරක්ෂක සූදානම සහ යුධමය අභියෝග ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන් වේ. ලෝක බලවතා ලෙස සැලකෙන ඇමරිකාව සිය ප්‍රධාන පෙළේ මිසයිල සම්පත් මෙලෙස ක්ෂය වීම ගෝලීය වශයෙන් ද දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ.
















