ශ්රී ලංකා ජාතික ක්රිකට් ක්රීඩකයන්ට බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ගත් තීරණය හේතුවෙන් මතු වී ඇති බදු ආරවුල සඳහා දේශීය ආදායම් පනතේ මෑතකාලීන සංශෝධන මඟින් විසඳුමක් ලබා දිය හැකිද යන්න පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ප්රධාන කරුණු:
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහණ අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවා ඇති අතර, මෙයට අදාළ තීන්දුව අගෝස්තු 31 වන දින ප්රකාශයට පත් කිරීමට නියමිතය.













