එල් නිනෝ (El Niño) කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ දැඩි නියඟය ඉන්දුනීසියාවේ සාම්ප්‍රදායික ලුණු වගාවට සහ ලුණු ගොවීන්ට විශාල වාසියක් ගෙන දී තිබේ.
වෙනත් බෝග වගාවන්ට දැඩි නියඟය බලපෑම් කළද, බටහිර ජාවාහි සිරිබොන් ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ මෙට්‍රික් ටොන් 25ත් 30ත් අතර ප්‍රමාණයක සිට මේ වසරේ ජූලි මාසයේදී මෙට්‍රික් ටොන් 600කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇත. වැසි නොමැතිව දීර්ඝ කාලයක් පවතින මෙම උණුසුම් කාලගුණය ලුණු ස්ඵටිකීකරණ ක්‍රියාවලියට ඉතා අනගි රුකුලක් වී ඇති අතර, 2027 මුල් භාගය දක්වා මෙම වියළි කාලගුණ තත්ත්වය පවතිනු ඇති බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.













