මිනිස්-අලි ගැටුම (HEC) කළමනාකරණය කිරීම සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පත් කරන ලද අධීක්ෂණ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී තිබේ.
පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, ප්‍රජා මූලික අලි-මිනිස් ගැටුම් කළමනාකරණ වැඩසටහනක් දියත් කිරීම, අලි කොරිඩෝ නිදහස් කිරීම සහ අලි සංවර්ධන කලාප (enrichment zones) පිහිටුවීම පිළිබඳව අවධානය යොමු විය. වන අලි සංක්‍රමණ රටාවන්හි සිදුවී ඇති වෙනස්වීම්, වනාන්තර ආවරණය සහ කෘෂිකාර්මික ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් 2020 වසරේ සකස් කරන ලද සැලැස්ම නව දත්ත මත පදනම්ව යාවත්කාලීන කිරීමට මෙහිදී තීරණය කර ඇත.













