‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විපතට පත් නුවරඑළිය යුනික් විව් ප්රදේශයේ පවුල් 35 ක් සඳහා ඉදිකරන ලද තාවකාලික නිවාස ප්රදානය කිරීම අගෝස්තු 05 වන දින නුවරඑළිය නගර සභා ක්රීඩා පිටිය ආසන්නයේදී සිදු කෙරිණි.
නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර සහ දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් මෙම තාවකාලික නිවාස අදාළ විපතට පත් පවුල් වෙත නිල වශයෙන් පවරා දෙන ලදී.













