පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. මෙම නිවේදනය 2026 අගෝස්තු 06 වන දින පෙ.ව. 9.00 සිට 2026 අගෝස්තු 07 දින පෙ.ව. 9.00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වේ.
මහනුවර දිස්ත්‍රික්කය යටතේ උඩපලාත, දොලුව, මැදදුම්බර, දෙල්තොට, පන්විල, පස්බාගේ කෝරලේ, ගඟ ඉහළ කෝරලේ සහ උඩුදුම්බර යන ප්‍රදේශ ද, කෑගල්ල දිස්ත්‍රික්කය යටතේ අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ යටියන්තොට යන ප්‍රදේශ ද ඇතුළත් වේ. මීට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව, නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශවලටත් මෙම මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රදේශය මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්‍රදේශ සඳහා මෙම මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අඛණ්ඩව වර්ෂාව පවතින ප්‍රදේශවල පස් කඳුවල ඉරිතැලීම්, ජලය එකතු වීම, ගස් නැඹුරු වීම හෝ හඬ නඟා පස් කඩාවැටීම් වැනි අවදානම් ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානම් වන ලෙසත් අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.













