මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තා අතරතුර රැඳවියන් විසින් සිදු කරන ලද දේපළ හානිය නිවැරදිව තක්සේරු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා සඳහන් කර ඇත.
මෙම කමිටුව හරහා සිදුවූ සමස්ත දේපළ හානිය මැන බැලීමත්, අදාළ හානියට පත් කොටස් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමටත් නියමිතය. බන්ධනාගාරයේ හානියට පත් ප්‍රදේශවල නව ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වී ඇති බවද වාර්තා වේ.














