2026 අගෝස්තු 05 වන දින උදෑසන වැලිමඩ, රාගල පොලිස් වසමේ කොඩි වීකුඹුර ප්‍රදේශයේදී වැලිමඩ මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත. එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 150 ක් (බෝතල් 200) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රාගල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 65 ක් වන නාපතොඩ, කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රාගල පොලිසිය විසින් සිදු කරනු ලබයි.














