පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලී ඇත.
අද (අගෝස්තු 06) දින පැවති මෙම විභාගයේදී, අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයන් නියෝජනය කළ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව, අදාළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකා බැලීම මේ මස 10 වන දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.














