අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (අගෝස්තු 06) රාත්‍රී 10.00 සිට හෙට (අගෝස්තු 07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා මෙම ජල කප්පාදුව සිදුකරනු ලබයි.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසත්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටින අතර, මෙම නඩත්තු කටයුතු හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතාව සම්බන්ධයෙන්ද ඔවුන් කණගාටුව පළ කර ඇත.














