උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව ජපානය සහ දකුණු කොරියාව නිවේදනය කර තිබේ. එරට නැගෙනහිර වෙරළ තීරයේ වොන්සාන් (Wonsan) ප්‍රදේශයෙන් අද (06) පස්වරු 5:00ට පමණ මෙම ප්‍රක්ෂේපණය සිදු කර ඇති අතර, එය ජපානයේ විශේෂ ආර්ථික කලාපයෙන් (EEZ) පිටතට පතිත වී ඇත. මේ වන තෙක් නාවික හෝ ගුවන් යානාවලට කිසිදු හානියක් වාර්තා වී නොමැත.
මාසයකට අධික කාලයකට පසු උතුරු කොරියාව සිදු කළ පළමු මිසයිල අත්හදා බැලීම මෙය වන අතර, ඉදිරීයේදී පැවැත්වීමට නියමිත දකුණු කොරියා – අමෙරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයටපෙර මෙම පියවර ගෙන තිබීම විශේෂත්වයකි. දකුණු කොරියානු හමුടාව තවදුරටත් අතිරේක ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන අතර, අමෙරිකාව සහ ජපානය සමඟ එක්ව ඉදිරි පියවර සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටී.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














