ඕමානයේ දොෆාර් (Dhofar) දකුණු පළාතට ඔබ්බෙන් වූ හල්ලානියත් දූපත් අසල සිරවී ඇති ‘කැරොලයින් බෙසෙන්ගි’ (Caroline Bezengi) නම් තෙල් නෞකාවෙන් සිදුවිය හැකි පාරිසරික බලපෑම සීමා කිරීම සඳහා එරට රජය විසින් විශේෂ ප්‍රතිචාරක කණ්ඩායම් යොදවා ඇති බව ඕමාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු බොරතෙල් පටවාගෙන ගමන් කළ මෙම සම්බාධකවලට ලක්වූ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවෙමින් පැවතීම හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට සහ සමුද්‍ර ජීවීන්ට සිදුවිය හැකි හානිය පිළිබඳ දැඩි බියක් මතුව තිබේ. මෙම නෞකාව මීට පෙර ජූනි 8 වන දින යේමනයේ මුකල්ලා වරාය අසලදී තාක්ෂණික ගැටලු වාර්තා කර ඇති අතර, එහි සිදුවූ පිපිරීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සමුද්‍රීය ආරංචි මාර්ග පවසයි. LSEG දත්තවලට අනුව, නෞකාවේ ලියාපදිංචි හිමිකරු සහ කළමනාකාරීත්වය චීනය පදනම් කරගත් ආයතන ලෙස සැක කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













