“දක්ෂිණ කෘෂි අබිමන්” ව්‍යවසායකත්ව අලෙවි ප්‍රදර්ශනය බෙන්තොට නිවාඩු නිකේතන භූමියේදී ඊයේ (06) ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනයේදී නවතම ආහාර වර්ග සහ මල් විසිතුරු පැළ අලෙවිය මෙන්ම කෘෂි තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීම ද සිදු කෙරේ.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිශාන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ. ජනහිත යන මහත්වරුන් ඇතුළු දකුණු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් මෙම ආරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ප්‍රදර්ශනය අද (07) දිනයේ ද පැවැත්වීමට නියමිතය.













