ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ජලය නොමැතිව පීඩා විඳින යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන් වෙනුවෙන් බවුසර් මඟින් ජලය සැපයීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි යාල වනෝද්‍යාන භාරකරු ඒ.ටී.ආර්. රවීන්ද්‍ර මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම වැඩසටහන යටතේ යාල වනෝද්‍යානයේ පිහිටි කුඩා ජලාශ, පොකුණු සහ කොන්ක්‍රීට් වළවල් වෙත ජලය නිකුත් කිරීම සිදු කෙරේ.
ඒ යටතේ කළුවර බෝක්කුව, සුදු වැලි මුල්ලවල, ස්පිල් හන්දියේ සිට චෛත්‍යපාර අලිගල දක්වා සහ මහසීලව කලපුව හන්දිය කොන්ක්‍රීට් වළට ජලය නිකුත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.













