‘පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර’ තේමාව යටතේ ක්‍රියාත්මක වන ‘අත්තම’ ජාතික පවිත්‍රතා දින වැඩසටහන හෙට (අගෝස්තු 08) පෙ.ව. 8.00 ට දිවයින පුරා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, රට පුරා පිහිටි සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි මෙම ජාතික පුරවැසි පවිත්‍රතා මෙහෙවර නිල වශයෙන් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. පරිසරය සුරැකීම සහ ප්‍රජා සහජීවනය අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.













