ලෝකයේ රටවල් 22ක කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා කොරියා ජනරජය මඟින් ක්‍රියාත්මක කරන **කොපියා (KOPIA – Korea Partnership for Innovation of Agriculture)** නවෝත්පාදන හවුල්කාර වැඩසටහනේ 15 වැනි ප්‍රගති සමාලෝචන සංවත්සරය ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා-කොරියා ගිවිසුම යටතේ වසර 15ක් ක්‍රියාත්මක වී ඇති අතර, එය 2026 වසරේ දෙසැම්බර් මසින් අවසන් වීමට නියමිතය.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය **නාමල් කරුණාරත්න** මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා කොපියා ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා භාර අධ්යක්ෂ ආචාර්ය පාර්ක් ජයුන්ග් සික් (Park Jayung-sik) ඇතුළු කොරියානු කෘෂි විද්‍යාඥයින් පිරිසක්ද, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතා ඇතුළු නියෝජ්‍ය අධ්යක්ෂවරුන් සහ පළාත් අධ්යක්ෂවරුන් පිරිසක්ද එක්ව සිටියහ. මෙහිදී ව්‍යාපෘතියේ මෙතෙක් ලැබූ ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් අදහස් දැක්වීම සිදු කරන ලදී.














