රටේ මාර්ගවල යතුරුපැදි සඳහාම විශේෂිත වූ කැපකළ මංතීරු (Dedicated lanes) අනාගතයේදී හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (අගෝස්තු 07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, යතුරුපැදිකරුවන් සඳහා වෙනම මංතීරු හඳුන්වා දීමට පෙර අවශ්‍ය සැලසුම් සහ විධිමත් සූදානම් කිරීම් සිදු කළ යුතු බැවින්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන බවයි.














