මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.














