ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවැනි තරගය **කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම** අතර අද (අගෝස්තු 07) රාත්‍රී 7.30ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මීට පෙර නුවර කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 68ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීය. එම තරගයේදී බෙන් මැක්ඩමෝර්ට් ලකුණු 71ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී දස්කම් දැක්වූ වනුජ සහන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.














