බුලත්සිංහල, උඩුගලකන්ද අමරගෙදර ප්‍රදේශයේදී කර්මාන්ත ශාලාවක් සඳහා සේවකයින් රැගෙන ගමන් කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (අගෝස්තු 07) උදෑසන සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූවන් අතරින් 6 දෙනෙකු හොරණ දිස්ත්‍රික් රෝහලටත්, ඉතිරි 8 දෙනා බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලටත් ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
















