පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා ඇත. තවද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ, කොත්මලේ බටහිර, අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ් සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද මෙම අනතුරු ඇඟවීම් බලාත්මක වේ.
මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, පන්විල, මැදදුම්බර, උඩපළාත, ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඕපනායක සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද අදියර එක යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
















