දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් පහක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල සුළං පිළිබඳ කහ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ස්වාභාවික උවදුරු මුල් අවවාද කිරීමේ මධ්‍යස්ථානය විසින් අද (අගෝස්තු 07) පෙරවරු 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (අගෝස්තු 08) පෙරවරු 11.30 දක්වා වලංගු වේ. ඒ අනුව, උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රබල සුළං හේතුවෙන් සිදුවිය හැකි අවදානම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.














