තායිලන්තයේ පතායා නුවර පැවති 09 වැනි “ද හීරෝ” ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් 26ක් දිනාගෙන දිවයිනට පැමිණ තිබේ.
ලෝකයේ රටවල් 32ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් ජූලි 31 දින සිට අගෝස්තු 03 දින දක්වා මෙම තරගාවලිය පවත්වා ඇත. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගැනීමට සමත් වී ඇති බව කටුනායකින් වාර්තා වේ.














