අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය සහ අදාළ අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය.
මෙම හමුවේදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින ගුරු හිඟය පියවීම සඳහා මේ වසර අවසන් වන විට සිදුකෙරෙන ගුරු බඳවාගැනීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති අතර, අනාගතයේදී එවැනි හිඟයක් ඇති නොවන පරිදි තිරසාර සැලැස්මකට අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබේ. තවද, එම පළාත්වල පාසල් ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසත්, මානව සම්පත් කළමනාකරණය සහ උසස් අධ්‍යාපන අංශවල අනුකාරක සභාවල ප්‍රගතිය සමාලෝචනය කළ බවත් සඳහන් වේ. මීට අමතරව, ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළ කමිටු සාමාජිකයින්ගේ කාර්යභාරය ඇගයීමට ලක් කරමින් සහතික පත් ප්රදානය කිරීම ද මෙහිදී සිදු විය.














