දැඩි මූල්‍ය අර්බුදයක් හේතුවෙන් හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් සමාගම වසා දැමීමට සහ අධිකරණ නියෝගයක් මඟින් සමාගම ඈවර කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බවට ඊයේ (06) කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, මෙම අර්බුදය හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී කෙන්යාවට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ.
පසුගිය අගෝස්තු 04 වැනි දින කෙන්යාවේ සෙනෙට් සභාව අමතමින් නයිරෝබි සෙනෙට් සභික එඩ්වින් සිෆුනා (Edwin Sifuna) මහතා සඳහන් කර ඇත්තේ, නයිරෝබි හි පිහිටි ‘Hela Intimates EPZ Ltd’ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් 3,000කගේ පමණ වැටුප් ගෙවීම් මෙලෙස දැඩි ලෙස ප්‍රමාද වී ඇති බවයි.
මීට අමතරව, සේවකයින්ගේ වැටුප්වලින් කරන ලද අනිවාර්ය අඩු කිරීම් නියමිත පරිදි අදාළ ආයතන වෙත ප්‍රේෂණය කර නොමැති බවත්, සේවයෙන් ඉවත් වූ සේවකයින් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් ද මෙතෙක් ගෙවා නොමැති බවත් ඔහු එහිදී අනාවරණය කළේය. එබැවින්, සේවකයින්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු දීමනා ලබා නොදී කර්මාන්තශාලාවේ මෙහෙයුම් අත්හිටුවීමට සමාගම කටයුතු කරන්නේ නම්, ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස සෙනෙට් සභිකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















