හෙල ඇඟලුම් සමාගම (Hela Apparel Holdings PLC) සම්බන්ධයෙන් මෑතකදී වාර්තා වූ තත්ත්වයන් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අඛණ්ඩව ස්ථාවරව පවතින බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
පසුගිය කොවිඩ් වසංගත සමය සහ මෙරට ආර්ථික අර්බුදය වැනි දැඩි අභියෝග සාර්ථකව ජයගත් ඇඟලුම් ක්ෂේත්රය මේ වන විටත් ශක්තිමත්ව පවතින බව ෆේස්බුක් සටනක් තබමින් ඔහු සඳහන් කර ඇත. මූල්‍ය අපහසුතා හේතුවෙන් හෙලා ඇඟලුම් සමාගම විසින් වර්තමානයේ අධිකරණය වෙත අයදුම්පත් ඉදිරිපත් කර තිබුණද, ඊට අදාළව Emerald Clothing (Pvt) Ltd වෙත සේවකයින් 3,674 දෙනෙකු මීට පෙර සාර්ථකව මාරු කර යවා ඇති බැවින් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවයට කිසිදු බලපෑමක් නොවන බව ආයෝජන මණ්ඩලය (BOI) ද තහවුරු කර ඇත.














