දේශීය හස්තකර්මාන්ත සහ පාරම්පරික නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ආයතනයක් වන Lakarcade හි 08 වන නවතම ප්‍රදර්ශනාගාරය කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී අද දින නිල වශයෙන් විවෘත කර තිබේ. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම හස්තකර්මාන්ත, සංස්කෘතික උරුමයන් සහ දේශීය නිර්මාණ එකම වහලක් යටට ගොනු කරමින්, දෙස් විදෙස් සංචාරකයන්ට සහ පාරිභෝගිකයන්ට අසමසම සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම මෙම නව ප්‍රදර්ශනාගාරයේ මූලික අරමුණයි.
ශ්‍රී ලාංකේය දේශීය ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් කරමින්, ඔවුන්ගේ ජීවනෝපාය නංවාලීමට සහ ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට Lakarcade ආයතනය නිරන්තරයෙන් කැපවී සිටියි. මෙම නවතම සන්ධිස්ථානයත් සමඟ Lakarcade ජාලය තවදුරටත් පුළුල් වන අතර, කොළඹ ෂැංග්‍රි-ලා පරිශ්‍රයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ ශ්‍රී ලාංකේය අත්කම් මහිමය විඳගන්නා ලෙස ආයතනය දෙස් විදෙස් සැමට ආරාධනා කර සිටියි.














