පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුප් කිසිදු අවස්ථාවක වැඩි කර නොමැති බවත්, පවතින ඉන්ධන මිලට අනුකූලව ඉන්ධන දීමනාව සංශෝධනය වීම හේතුවෙන් ඔවුන්ගේ මාසික ආදායමේ යම් වැඩිවීමක් පමණක් සිදුව ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රටේ ආර්ථික තත්ත්වය යහපත් වීමෙන් පසු, ඒ සඳහා හිමිකම් ඇති සියලුම රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව රජය විසින් සංශෝධනය කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව එම දීමනාව ලබන සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මාසික ගෙවීම් ඉහළ ගොස් ඇති බවත්, මන්ත්‍රීවරුන්ට ද එම සංශෝධිත ඉන්ධන දීමනාව ලැබී ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.














