යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පිහිටි සමූහ මිනිවළෙන් මේ වන විට මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව වාර්තා වේ.මෙරටින් සොයාගන්නා ලද සමූහ මිනිවළකින් සිරුරු 500කට අධික සංඛ්‍යාවක අස්ථි කොටස් හමු වූ පළමු අවස්ථාව මෙය වන බව යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා සඳහන් කරයි. යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම කැණීම් කටයුතුවල 6 වන අදියරේ 46 වන දිනය ඊයේ (අගෝස්තු 07) සාර්ථකව නිම කර ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට නියමිතය.














