වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී. ලංකා සතොස ආයතනය විසින් නිකුත් කළ අදාළ භාණ්ඩ මිල අඩු කිරීමේ නිවේදනය ඉදිරියේදී ක්‍රියාත්මක වේ.














