• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රේගුවේ කෝටි 3726ක තෑගි මුදල් ගෙවීම් ගැන විගණනයෙන් හෙළිදරව්වක්

8 August 2026
in දේශීය, පුවත්
රේගුවේ කෝටි 3726ක තෑගි මුදල් ගෙවීම් ගැන  විගණනයෙන් හෙළිදරව්වක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ ඔත්තුකරුවන් සඳහා රුපියල් කෝටි 3,726 ක මුදලක් 2012 සිට 2025 දක්වා වසර දාහතරක කාලයේදී ත්‍යාග මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
එසේම ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන කාර්යයන්ට සෘජුව දායකත්වය නොසැපයන අංශ 18ක නිලධාරීන්ටද ත්‍යාග මුදල් වශයෙන් කෝටි 65 කට ආසන්න මුදලක් බෙදා හැර තිබූ බව එම වාර්තාවේ දැක්වේ. ත්‍යාග අරමුදලින් ත්‍යාග මුදල් බෙදාහැරීම මුදල් අමාත්‍යවරයා අනුමත කළ යෝජනා ක්‍රමයකට අනුව කළ යුතු වුවත්, එසේ එකඟතාවක් නොගෙන 2012 වසරේ සිට 2025 වසර දක්වා වසර 14ක කාලය තුළ නිලධාරීන්ට රුපියල් කෝටි 3,184කට වැඩි මුදලක්ද, ඔත්තුකරුවන් සඳහා රුපියල් කෝටි 542කට වැඩි මුදලක්ද මෙසේ බෙදා හැර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
මේ අතර රාජ්‍ය ආයතනවල සියලු නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබියදී, එසේ කටයුතු නොකර අතිකාල වියදම් ලෙස රුපියල් කෝටි 143කට ආසන්න මුදලක් ගෙවා තිබූ බව විගණන නිලධාරීහු පවසති. මීට අමතරව නැව් බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු ලෙස රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක්ද, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් කෝටි එක්කෝටි විසි නව ලක්ෂයකට වැඩි මුදලක්ද පැමිණීම සහ පිටවීම විධිමත් ලෙස තහවුරු කර ගැනීමකින් තොරව නිලධාරීන්ට ගෙවා තිබේ.
භාණ්ඩ ආනයන හා අපනයන ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්වයන් 2022 සිට 2024 වර්ෂය දක්වා කාලයේදී අවස්ථා 100කදී රුපියල් කෝටි 256 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර තිබූ බව පවසන විගණන වාර්තාව, රේගුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කර රුපියල් කෝටි 300කට ආසන්න දඩ මුදලක් අයකරගෙන තිබුණද, රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 90කට ආසන්න මුදලක් පමණක් බැර කිරීමෙන් රුපියල් කෝටි 166කට වැඩි බදු ආදායමක් රජයට අහිමිව තිබූ බව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී රේගු ප්‍රධානියකු පැවසුවේ රේගුවේ අක්‍රමිකතා අවම කිරීමට නව පරිපාලනය යටතේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
Post Views: 5
Previous Post

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 දියත් කෙරේ

Next Post

ජූලි මාසයේදී මෙරට විදෙස් සංචිත ඩොලර් මිලියන 133කින් ඉහළට!

Editor TTV News

Editor TTV News

Next Post
ජූලි මාසයේදී  මෙරට විදෙස් සංචිත ඩොලර් මිලියන 133කින් ඉහළට!

ජූලි මාසයේදී මෙරට විදෙස් සංචිත ඩොලර් මිලියන 133කින් ඉහළට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට බාධා මතුවුවහොත් 117 හෝ 1911 අංකවලට අමතන්න

10 August 2026
කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩයක්

10 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved