පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුප් කිසිසේත්ම වැඩි කර නොමැති වුවද, රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වීමත් සමඟ ඉන්ධන දීමනාව හිමි සියලුම රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය වර්තමාන වෙළෙඳපොළ මිල ගණන්වලට ගැළපෙන පරිදි වැඩි කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
ඉන්ධන දීමනාව වර්තමාන මිල ගණන්වලට ගැලපීම හේතුවෙන් සමස්ත වැටුපේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, මෙම තීරණය නිසා මන්ත්‍රීවරුන් ඇතුළු ඉන්ධන දීමනාව හිමි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවී ඇති බවට මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.














