මාස 18ක තීව්‍ර සාකච්ඡාවලින් අනතුරුව, සිරියාවේ පිහිටි රුසියානු නාවික හා ගුවන් කඳවුරු වන ටාටුස් (Tartous) සහ හ්මයිමිම් (Hmeimim) කඳවුරු වල අනාගතය සම්බන්ධයෙන් සිරියාව සහ රුසියාව අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බව සිරියානු විදේශ අමාත්‍යාංශය පවසයි.
හ්මයිමිම් ගුවන්තොටුපළ සහ ටාටුස් වරායේ වාණිජ නැංගුරම්පළ ඇතුළු සිවිල් පහසුකම්වල කළමනාකාරීත්වය සිරියානු රජය විසින් භාරගනු ලබන අතර, ඒවා එරට සිවිල් පරිපාලනයට ක්‍රමයෙන් ඒකාබද්ධ කිරීමට නියමිතය. 2024 දෙසැම්බර් මාසයේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු සිරියාවේ නව නායකත්වය සමඟ මෙම කඳවුරුවල අනාගතය පිළිබඳව සාකච්ඡා ආරම්භ කෙරුණු අතර, මෙහි සංක්‍රාන්ති ක්‍රියාවලිය මාස තුනක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. හමුදා පහසුකම් දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍ය අවශ්‍යතා සුරක්ෂිත වන පරිදි ඒකාබද්ධ පුහුණු හා සුදුසුකම් ලැබීමේ මධ්‍යස්ථාන ලෙස යළි සකස් කිරීමට ද නියමිතය.














