ඉරාන රාජ්‍ය විකාශන සේවයක් වන IRIB වාර්තා කරන පරිදි, ඉරානය කිසිදු අවස්ථාවක හෝ “කිසිදු පිරිවැයක් හමුවේ”හොර්මුස් සමුද්‍ර සන්ධියෙන් පසුබැසීමට කටයුතු නොකරන බව ඉරානයේ හිටපු අග්‍රවිනිශ්චයකාර අයතුල්ලා අමෝලි ලාරිජානි ප්‍රකාශ කර තිබේ.
ලෝක තෙල් වෙළඳාමට අතිශය තීරණාත්මක වන මෙම නාවික මාර්ගය වසා තැබීමටත් එහි සිය හමුදාමය හා උපායමාර්ගික බලපෑම පවත්වා ගැනීමටත් ඉරානය ගෙන ඇති ස්ථාවරය වෙනස් නොකරන බව මෙම ප්‍රකාශය හරහා නැවතත් අවධාරණය වේ. ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සහ කලාපීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය හමුවේ ඉරාන ඉහළ පෙළේ නායකයින් විසින් මෙලෙස දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීම හේතුවෙන් ගෝලීය බලශක්ති ආරක්ෂාව පිළිබඳ අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇත.














