ඉරානයෙන් එල්ල වූ ඝාතන තර්ජනයක් හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ තුර්කියේ පැවති නේටෝ සමුළුවෙන් ඉවත් වීමේදී දැඩි ආරක්ෂක රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
අන්කාරාහි පැවති සමුළුවෙන් පසු ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කැමරා ඉදිරියට පැමිණ සාමාන්‍ය පරිදි ‘Air Force One’ (Qatari 747) යානයට ගොඩවී ඇත. කෙසේ වෙතත්, එය රහසිගත රැවටිලි යානයක් (decoy) ලෙස යොදා ගනිමින්, ට්‍රම්ප් එම අවස්ථාවේදී ගුවන් යානයේ පහළ කොටසේ වූ ආහාර සැපයුම් කරත්තයක් (catering cart) හරහා ආහාර සැපයුම් ට්‍රක් රථයකට මාරු වී ඇති අතර, ඉන්පසු එම ට්‍රක් රථය මගින් ඔහු කුඩා C-32A හමුදා ගුවන් යානයක් වෙත රැගෙන ගොස් තිබේ.
මෙම රහස් මෙහෙයුම ඉතා සාර්ථක වී ඇති අතර, මාධ්‍යවේදීන් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ පවා පිරිසක් ට්‍රම්ප් තවමත් ප්‍රධාන යානයේ සිටින බව සිතමින් ජනේල ආවරණ පහත් කර ගනිමින් එම යානයේම ගමන් කර ඇත. කෙසේ වෙතත්, මෙම ආරක්ෂක පියවර සම්බන්ධයෙන් දේශපාලන විරුද්ධවාදීන්ගෙන් විවේචන එල්ල වී ඇති අතර, අනෙක් අතට ඝාතන තර්ජන හමුවේ ජනාධිපතිවරයෙකුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන බවටද අදහස් පළ වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














