කොළඹ වරාය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.
ජනාධිපතිවරයාගේ ඉදිරිගාමී ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ හේතුවෙන් ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් වී ඇති බව පෙන්වා දුන් CCCC නියෝජිතයෝ, ශ්‍රී ලංකාව තුළ තවත් වැදගත් ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළහ. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති, වෙළෙඳ සැපයුම් සහ ඩිජිටල් සේවා යන අංශවල ආයෝජන පුළුල් කිරීමට ඔවුන් දැඩි උනන්දුවක් දක්වයි.
ශ්‍රී ලංකාව මෙම අංශවල කලාපීය මධ්‍යස්ථානයක් ලෙස මතුවීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් එම සමාගම, සියලුම ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ශ්‍රමයෙන් 90%ක්ම දේශීය වශයෙන් බඳවා ගනිමින් ශ්‍රී ලංකාව තුළ විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කරන බවටද සහතික වී තිබේ.














