ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන කොමාණ්ඩර් කුබෝ ටකායුකි (Commander KUBO Takayuki) අද (12) නාවික හමුදා මූලස්ථානයේදී නව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවී තිබේ.
මෙම නිල හමුවේදී, ජපාන ආරක්ෂක උපදේශකවරයා විසින් 27 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වෙත සිය සුභාශිංසන පිරිනැමූ අතර, නාවික හමුදා අතර පවතින සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. තවද, මෙම හමුව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.















