ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව (HNB), මෙරට Hyundai වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම සඳහා Abans Auto පුද්. සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත.
මෙමඟින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් ආකර්ෂණීය, නම්‍යශීලී සහ තරගකාරී මූල්‍ය විසඳුම් හරහා Hyundai වාහනයක් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව උදා වේ. විශේෂ පොලී අනුපාත සහ වසර 7ක් දක්වා දිගු කාලීන වාරික ගෙවීමේ පහසුකම්, වසර 3ක් දක්වා මෙන්ම වසර 4ක සිට 5ක් දක්වා වූ ලීසිං කාල සීමාවන් සඳහා වන අවශේෂ වටිනාකම් විකල්ප ඇතුළත් විධිමත් ගෙවීම් ක්‍රමවේද, පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් HNB ක්‍රෙඩිට් කාඩ්පතක් මෙන්ම HNB General Insurance හරහා සහනදායී විශේෂ වාහන රක්ෂණ වාරික පහසුකම් ද පාරිභෝගිකයින්ට හිමි වේ.
















