මිද්දෙණිය, උල්හිටියාව ප්රදේශයේදී අද (12) පස්වරුවේ වෙඩි ප්රහාරයකට ලක්ව තුවාල ලබා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්රබල පාතාල නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ ඝාතනයට ප්රතිචාරයක් ලෙස, සංජීවගේ පාර්ශ්වයේ පිරිසක් විසින් මෙම ප්රහාරය එල්ල කරන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.
















