කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය අද (12) දිනයේදී නැවත වරක් ඒකක 6,000 සීමාව ඉක්මවා යෑමට සමත්ව තිබේ. ඒ, දිනය තුළ දර්ශකය ඒකක 20.87ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟිනි.
මේ අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ද දිනය තුළ ඒකක 15.77ක සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,418.57ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 6,004.01ක් ලෙසත් සටහන් විය. මෙම තත්ත්වයත් සමඟ අද දින කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 2.05ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.














