ලබන වසර වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව කාර්යාල 23 ක් දිවයින පුරා පිහිටුවීමට පියවර ගන්නා බව එම කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.
විමර්ශන කටයුතු වේගවත් කිරීම සහ විමර්ශන ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම නව ප්‍රාදේශීය කාර්යාල පද්ධතිය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර ඇත. 2015 වසරෙන් පසුව කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු ඉතා මන්දගාමී ස්වරූපයකින් සිදුව ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.














