සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඇල්ටෝ ධර්මේ’ යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘දුමිඳු’ නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,000ක් සොයාගෙන ඇති බව ගල්කිස්ස පොලීසිය පවසයි. ඔහු රත්මලාන ශ්‍රී ඉන්ද්‍රජෝති පාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් වේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (12) ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ නිවාරණ හා දූෂණ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී මෙම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.














