ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේගේ පියාණන් වූ වීරකෝන් ආරච්චිගේ මාටින් සිංඤෝ උපාසක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට එතුමන්ගේ වයස අවුරුදු 93කි.
දේහය වරකාගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අගෝස්තු 15 වන සෙනසුරාදා පස්වරු 2:00 ට වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.














